"ජීවන මල් ගොමුවේ , මල් මදිරාවෙන් , එකතු කර ගත් ,මී පැණි බිඳක , රස බලන්න එන්න."

Monday, December 20, 2010

පළවෙනි මිමිණුම

මලින් මලට ගී මුමුණන පුංචි සුරතලෙක්
පාර වැරදිලා ඇවිදින් ජාල ගත වෙලා
මලින් මලට ගොස් එක් කල රහස් ගොනු කරන් 
දිග අරින්න තෝතැන්නක් ඇයට හමු වෙලා

පාට පාට නේක වර්ණ මල් උයන් තෙරේ
පුංචි පුංචි ස්වර එක්කර ගීත ගායනා
හැන්ඟි හැන්ඟි හොරෙන් බැන්ඳ පෙම් කතන්දරේ
එළි කරන්න වේදිකාව හදයි දී සිනා

සුවඳ රුවති මල් දුලබයි කියන යාළුවේ
කියන්න මට පැහැය සුවඳ නුඹේ සිත් මලේ
හැම මලකම සුවඳ පැහැය හරිම සුන්දරයි
මී මැස්සට එය කියන්න දෙන්න යාලුවේ


“The bee is more honored than other animals, not because she labors, but because she labors for others”


 
පාර වැරදිලා ජාල ගත වෙච්චි මේ පුංචි මී මැස්සිගේ හිතේ කවි , ගීත , කතන්දර ගොඩයි. . . 

අකුරු වල පැණී බින්ඳු තැවරුවේ
මී මැස්සි

3 comments:

  1. අළුත් කෙනෙක් ඇවිදිල්ලා ....සාදරයෙන් පිලිගන්නවා ඔයාව ..

    එහෙනම් දිගු ගමනක් යන්න සුබපතනවා මම මී මැසිසිට ../

    වර්ඩ් වෙරිෆිකේෂන් අයිං කරන්න ඔයාතාම අළුත් නිසා ඔය ගැන දන්නේ නැතිව ඇති ..

    ජයවේවා !!

    ReplyDelete
  2. දිගටම ලියමු මී මැස්සියේ....අපෙනුත් සුභ පැතුම්.....අපි එන්නම්කෝ මී මැස්සිගේ මී පැණීවල රස බලන්න....
    හසියනම් පට්ට ආසයි මීපැණි වලට....හික්ස් (කාටවත් කියන්න එපා ඔන්න....)

    ReplyDelete
  3. ආ....
    ඔයත් ආවද?
    මරු මරු...

    එහෙනම් එන්න අපේ ගෙවල් පැත්තෙත්,,,

    ReplyDelete