කිරි කළයට ගොම බිඳුවක් - වැටුනම වෙද කිසිම පලක්
එනමුදු කිරි ලෙසම ගොමත් - එක සතෙකුගෙ මැවුම් දෙකක්
කිරි ටික පිරිසිදු වෙන්නට - ගොම ටික පිරිසිදුවට ගන්නට
දෙන්නේ තණ කොළ කන්නට - ආදරයට නෙමෙයි නොවෙද
මිනිසා තිරිසන් වන්නෙත් - ඒ මිනිසම දෙවි වන්නෙත්
කළ කී දේ හරියන්නෙත් - වරදින්නෙත් පරදින්නෙත්
ඇග මස නොව වඩා උතුම් - හදවත ඇර තබා සිතුම්
මිනිසත් බව පතා ඉතින් - සිහි කරමුද දෙමාපියන්
මී මැස්සී මලින් මලේ - ගිහින් ගෙනා පැණියි අගේ
කිරියි පැණියි ලෙසින් ලොවේ - සදා ඉන්න එන්න ප්‍රියේ
කිරි පැණි වක්කරපු අකුරු ඇමිණුවේ
මී මැස්සි

“A land flowing with milk and honey.”
Bible quotes

එල කිරි වගේ !!
ReplyDeleteඑලකිරි කවි ලියන ..රජ මීමැස්සිට
ජයවේවා !!
කිරි දියෙන් බේරන හංසයෙක් වෙන්න...එතකොට අපිට හොද නරක මේ සමාජයෙන් බේරලා හදුනාගන්න පුළුහන් වෙයි....
ReplyDeleteදිගටම ලියන්න මී මැස්සී....
එල කිරි හා අමු ගොම කිව්වලු
ReplyDelete